Friday, February 12, 2016

ආණ්ඩුවේ වෙනසක් (Change in Sri Lankan Government)


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින පිරිස්, තමන් නියෝජනය කළ යුතු පාර්ශවය කුමක්දැයි ඉදිරියේදී තීන්දු කරනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. 

ඔහු මේ බව කියා සිටියේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීම වෙනුවෙන් බත්තරමුල්ල ජයන්ති පෙදෙසේදී නව මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීමෙන් පසු රැස්ව සිටි පිරිස අමතමින්. 

එම අවස්ථාවට එකාබද්ධ විපක්ෂය නියෝජනය 
කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල 
පිරිසක් එක්ව සිටියා

ජාතික ධජයෙන් සිංහයා ඉවත් කොට සියලු ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතකයක් ජාතික ධජයට යොදාගත යුතු බවට වූ යෝජනාවක් ( Changes to Sri Lanka Flag)



ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කොට සියළු ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතයක් ජාතික කොඩියට යොදාගත යුතු බවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් විමසීමේ කමිටුව වෙත යෝජනාවක් ඉදිරිපත්  කරමින්  මන්නාරම දිස්ත්‍රික් කාන්තා සංවිධාන නියෝජිතවරියෝ පවසති.
සකස් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් විමසීමේ කමිටුව දෙවැනි දිනට බ්‍රහස්පතින්දා (11) මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි රැස්වු අවස්ථාවේ කාන්තාවෝ එම යෝජනාව ඉදිරිපත් කළහ.

මන්නාරම දිස්ත්‍රික් කාන්තා සංවිධාන නියෝජිතවරියන් පැවසුවේ ජාතික කොඩියේ සිංහයා සළකුණින් සිංහල ජනතාව ගැන පමණක් කියැවෙන බවයි. වර්තමානයේදි සියළුදෙනා එක්ව සහයෝගයෙන් ජිවත්වන බැවින් සියළු ජාතීන්ට සංකේතාත්මකවන සංකේතයක් ජාතික කොඩිය වෙනුවෙන් යොදාගත යුතු බවයි.

New Sign ?

Wednesday, February 10, 2016

Joint opposition government warning

(ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්)

Joint opposition says that his severe fighting continued in the future. MP Alahapperuma claimed joint opposition group in parliament should be proper justice. Opposition members of parliament, he has always combined a low treatment claim.

He was addressing a press conference held in Colombo. One of the parliamentarian Bandula Gunawardena claimed that the government had to launch the voice to tackle a real opposition.

Gammanpila MP also spoke of the government making ægavīmakda.

The Women and Children's Affairs minister held a press conference held yesterday Chandrani Bandara said that he believes the combined opposition in the way that the total disrespect to younger women who work in parliament yesterday. The Minister claimed that he is surprised about the women in the group as disruptive behavior.

Deputy Speaker Anavaratne views expressed in this regard and conduct joint opposition. He maintained that the conduct of the joint opposition deplores.

A request that had been allowed to work independently in a united opposition in Parliament due to the lack of proper response to the joint opposition MPs in the Chamber of Parliament yesterday expressed their opposition. The Speaker Mr. Jayasuriya said the United People's Freedom Alliance had broken unwholesome can not connect them.


Tuesday, February 2, 2016

Government Medical Officers' Association - about Kidney Transplant Surgeries

 මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නය : "ඔබතුමා මාධ්‍යට පෙනීසිටින්නේ නෑ කියා චෝදනාවක් තියෙනවා. ඔබතුමා වකුගඩු ජාවාරම පිලිබදව ප්‍රකාශයක් කරන්නේ නැත්තේ අයි? එයට හේතුව ඔබතුමා මෙයට සම්බන්දයිද?"

Click here ; වකුගඩු ජාවාරම පිලිබදව


මර්වින් සිල්වා, රාජපක්ෂවරුන් වෙනුවෙන් සටනට සූදානමින්











නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකොට රාජපක්ෂවරුන්ගෙන් දිගින් දිගටම පළිගැනීම් සිදු වන්නේ නම් තමන් නිහඬව නොසිටින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. ඔහු සඳහන් කරන්නේ ගිරුවාගම්දොලොස්දාහේ මාගම්පත්තුවේ උපන් කෙනෙක් ලෙසත් රාජපක්ෂවරුන් සමග දේශපාලනය ඇරඹු කෙනෙක් ලෙසත් එවැනි අවස්ථාවක ඇහැ කන පියාගෙන සිටිය නොහැකි බවයි. අවශ්‍ය අවස්ථාවක ජනතාව සමග නැගී සිටින බවද ඔහු නෙත් නිවුස් සමග කියා සිටියා. ඔහු මේ බව පැවසුවේ යෝෂිත රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදීයි.

පියෙකු ලෙස තම දරුවෙකු විපතකට පත් වූ පසු ඇති වන සංවේගය තමන් අත්විඳ ඇතැයිද මර්වින් සිල්වා මහතා සඳහන් කළා. කෙසේ වෙතත් අධිකරණ තීන්දුවකට එරෙහිවිය නොහැකි බවයි ඔහු පැවසුවේ. තමන්ට කුමන ප්‍රශ්නයක් ඇති වූවද දීර්ඝ කාලයක සිට දන්නා හඳුනන රාජපක්ෂවරුන්ට විපතක් ඇති වන අවස්ථාවකදී සංවේගයට පත්වන බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා සමග පසුගිය මැතිවරණයෙන් පසු මෙතෙක් කතා නොකළ බවද ඔහු කියා සිටියා.

යෝෂිත රාජපක්ෂ මහතා බැලීමට මෙතෙක් බන්ධනාගාරයට නොගිය බවද මර්වින් සිල්වා මහතා පැවසුවා. තමන් යම් තැනකට යන්නේ නම් යන්නේ ආපසු හැරී ඒමට නොවන බවද ඔහු අවධාරණය කළා.