Friday, February 12, 2016

ආණ්ඩුවේ වෙනසක් (Change in Sri Lankan Government)


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින පිරිස්, තමන් නියෝජනය කළ යුතු පාර්ශවය කුමක්දැයි ඉදිරියේදී තීන්දු කරනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. 

ඔහු මේ බව කියා සිටියේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීම වෙනුවෙන් බත්තරමුල්ල ජයන්ති පෙදෙසේදී නව මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීමෙන් පසු රැස්ව සිටි පිරිස අමතමින්. 

එම අවස්ථාවට එකාබද්ධ විපක්ෂය නියෝජනය 
කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල 
පිරිසක් එක්ව සිටියා

ජාතික ධජයෙන් සිංහයා ඉවත් කොට සියලු ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතකයක් ජාතික ධජයට යොදාගත යුතු බවට වූ යෝජනාවක් ( Changes to Sri Lanka Flag)



ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කොට සියළු ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතයක් ජාතික කොඩියට යොදාගත යුතු බවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් විමසීමේ කමිටුව වෙත යෝජනාවක් ඉදිරිපත්  කරමින්  මන්නාරම දිස්ත්‍රික් කාන්තා සංවිධාන නියෝජිතවරියෝ පවසති.
සකස් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් විමසීමේ කමිටුව දෙවැනි දිනට බ්‍රහස්පතින්දා (11) මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි රැස්වු අවස්ථාවේ කාන්තාවෝ එම යෝජනාව ඉදිරිපත් කළහ.

මන්නාරම දිස්ත්‍රික් කාන්තා සංවිධාන නියෝජිතවරියන් පැවසුවේ ජාතික කොඩියේ සිංහයා සළකුණින් සිංහල ජනතාව ගැන පමණක් කියැවෙන බවයි. වර්තමානයේදි සියළුදෙනා එක්ව සහයෝගයෙන් ජිවත්වන බැවින් සියළු ජාතීන්ට සංකේතාත්මකවන සංකේතයක් ජාතික කොඩිය වෙනුවෙන් යොදාගත යුතු බවයි.

New Sign ?

Wednesday, February 10, 2016

Joint opposition government warning

(ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්)

Joint opposition says that his severe fighting continued in the future. MP Alahapperuma claimed joint opposition group in parliament should be proper justice. Opposition members of parliament, he has always combined a low treatment claim.

He was addressing a press conference held in Colombo. One of the parliamentarian Bandula Gunawardena claimed that the government had to launch the voice to tackle a real opposition.

Gammanpila MP also spoke of the government making ægavīmakda.

The Women and Children's Affairs minister held a press conference held yesterday Chandrani Bandara said that he believes the combined opposition in the way that the total disrespect to younger women who work in parliament yesterday. The Minister claimed that he is surprised about the women in the group as disruptive behavior.

Deputy Speaker Anavaratne views expressed in this regard and conduct joint opposition. He maintained that the conduct of the joint opposition deplores.

A request that had been allowed to work independently in a united opposition in Parliament due to the lack of proper response to the joint opposition MPs in the Chamber of Parliament yesterday expressed their opposition. The Speaker Mr. Jayasuriya said the United People's Freedom Alliance had broken unwholesome can not connect them.


Tuesday, February 2, 2016

Government Medical Officers' Association - about Kidney Transplant Surgeries

 මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නය : "ඔබතුමා මාධ්‍යට පෙනීසිටින්නේ නෑ කියා චෝදනාවක් තියෙනවා. ඔබතුමා වකුගඩු ජාවාරම පිලිබදව ප්‍රකාශයක් කරන්නේ නැත්තේ අයි? එයට හේතුව ඔබතුමා මෙයට සම්බන්දයිද?"

Click here ; වකුගඩු ජාවාරම පිලිබදව


මර්වින් සිල්වා, රාජපක්ෂවරුන් වෙනුවෙන් සටනට සූදානමින්











නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකොට රාජපක්ෂවරුන්ගෙන් දිගින් දිගටම පළිගැනීම් සිදු වන්නේ නම් තමන් නිහඬව නොසිටින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. ඔහු සඳහන් කරන්නේ ගිරුවාගම්දොලොස්දාහේ මාගම්පත්තුවේ උපන් කෙනෙක් ලෙසත් රාජපක්ෂවරුන් සමග දේශපාලනය ඇරඹු කෙනෙක් ලෙසත් එවැනි අවස්ථාවක ඇහැ කන පියාගෙන සිටිය නොහැකි බවයි. අවශ්‍ය අවස්ථාවක ජනතාව සමග නැගී සිටින බවද ඔහු නෙත් නිවුස් සමග කියා සිටියා. ඔහු මේ බව පැවසුවේ යෝෂිත රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදීයි.

පියෙකු ලෙස තම දරුවෙකු විපතකට පත් වූ පසු ඇති වන සංවේගය තමන් අත්විඳ ඇතැයිද මර්වින් සිල්වා මහතා සඳහන් කළා. කෙසේ වෙතත් අධිකරණ තීන්දුවකට එරෙහිවිය නොහැකි බවයි ඔහු පැවසුවේ. තමන්ට කුමන ප්‍රශ්නයක් ඇති වූවද දීර්ඝ කාලයක සිට දන්නා හඳුනන රාජපක්ෂවරුන්ට විපතක් ඇති වන අවස්ථාවකදී සංවේගයට පත්වන බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා සමග පසුගිය මැතිවරණයෙන් පසු මෙතෙක් කතා නොකළ බවද ඔහු කියා සිටියා.

යෝෂිත රාජපක්ෂ මහතා බැලීමට මෙතෙක් බන්ධනාගාරයට නොගිය බවද මර්වින් සිල්වා මහතා පැවසුවා. තමන් යම් තැනකට යන්නේ නම් යන්නේ ආපසු හැරී ඒමට නොවන බවද ඔහු අවධාරණය කළා. 

Saturday, January 30, 2016

තොපිම කතිරෙ ගහන්න කියල තොපිම දැන් කෑ ගහනව ,තොපිට ඔහොම වෙලා මදි












to watch video click below link...
තොපිම කතිරෙ ගහන්න කියල තොපිම දැන් කෑ ගහනව ,තොපිට ඔහොම වෙලා මදි


මහින්ද රාජපක්ෂ සහයෝගය පොහොට්‌ටුවෙන් එන අලුත් පක්ෂයට ද ???


ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්‍ෂය නව පෙරමුණක්‌ යටතේ පොහොට්‌ටුව ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බව  වාර්තා කර තිබෙනවා.

එහි නාමික නායකයා ලෙස  දිනේෂ් ගුණවර්ධන මහතා මහතා පත්කිරීමට තීරණය වී ඇති අතර ආණ්‌ඩුවේ  ඇමැතිවරු 12ත් 20ත්  අතර පිරිසක්‌ මෙම නව පෙරමුණට සහයෝගය දීමට සූදානමින් සිටින බවයි  වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

නව පෙරමුණ ලියාපදිංචි කිරීම මේ වන විට අවසන් කර ඇති බව ඒකාබද්ධ විපක්‍ෂයේ දිනේෂ් ගුණවර්ධන  සඳහන් කර තිබෙනවා.

මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර යන මහත්වරු නව සන්ධානය ගොඩනැඟීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන අතර ඊට එක්‌වීම සඳහා තවත් දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධාන රැසක්‌ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ. 




FCID arrests Yoshitha Rajapaksa , Nishantha Ranatunga


යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට ඇතුළු CSN ලොක්කන් හිරේ වැටුනු හේතු මෙන්න


මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂද, අර්ජුන රණතුංගගේ මල්ලී නිශාන්ත රණතුංග ද රොහාන් වැලිවිට ද ඇතුළු CSN නාලිකාවේ ප්‍රධානීන් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද්දේ දේශපාලන පළිගැනීමක් ලෙස යැයි ඇඟවීමට ශ්‍රී ලංකාවේ ජඩමාධ්‍ය ක්‍රියා කරති. මහින්ද රාජපක්ෂගේ කටට මයික් අල්ලන එකදු ජඩමාධ්‍ය කාරයෙක් තමුසේගේ පුතා හිරේට ගියේ අහවල් හොරකම නිසා නොවේදැයි ප්‍රශ්න නොකරති. තමුසේ පුතාට හොරකම් කරන්න ඉඩදී බලා සිටියේ මන්දැයි ප්‍රශ්න නොකරති. සහෝදර හැතිකරයම හොරුන් වී සිටියදී සුදනා වෙන්න හදන අර්ජුනගෙන් තමුසේට මුළු රටේම දූෂණ පෙනුනත් මල්ලිලාගේ හොරකම් නොපෙනෙන්නේ ඇස්වල පොතු කබර නිසා දැයි නොඅසන ජඩමාධ්‍ය කාරයෝ මුඛ පූට්ටු කරගනිති. 
එබැවින් යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, ජේ.ටී.එස්.ප්‍ර‍නාන්දු හා කවීෂාන් දිසානායක යන CSN හොරු රැල හිරේ වැටුනේ කුමන හොකරමකටදැයි ජනතාවට හෙලි කිරීම සැබෑ ජනමාධ්‍යයක වගකීම බැවින් මෙසේ සටහන් තබමු.
ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පරිදි ශ්‍රී ලංකාවේ පොලිස් ඉතිහාසයේ මෙතෙක් සිදුකළ විශාලතම මූල්‍ය වංචා පරීක්ෂනය නම් CSN නාලිකාවේ වංචා පරීක්ෂණයයි. එහි වටිනාකම කොපමණදැයි මෙතෙක් ගණන් හිලව් සම්පූර්ණයෙන් හෙලිවී නැති අතර දැනට සොයා ගෙන ඇති වටිනාකම රුපියල් මිලියන 520 ක් හෙවත් කෝටි 52 ක් පමණ වේ. මෙම වංචාවේ විශාලත්වය ගණන් ගැනෙන්නේ සොයා ගත් වංචනික මුදල් ප්‍රමාණයෙන් නොවේ. සිදු කරණ ලද වංචාවේ විලාශය අනුවය. 
එනම් ඕනෑම ආයතනයක වංචාවක් දූෂනයක් සිදුවන්නේ එම ආයතනයේ කිසියම් කොටසකය. එසේ නැතිනම් එම ආයතනයේ කිසියම් කණ්ඩායමක් විසිනි. නමුත් CSN වංචාව යනු මුළු ආයතනයම එකට එකතු වී සමස්ථයක් ලෙස වංචා කිරීමකි. එනම් මෙකී ආයතනය පිහිටුවා ඇත්තේම දැවැන්ත වංචා සිදුකිරීම අරමුණු කරගෙනම ය. එබැවින් එහි ලියාපදිංචියේ සිටම වංචා කර තිබේ. සියළුම විගණන වාර්තා වංචනික ය.
CSN ආයතනයට නිශ්චිත සභාපතිවරයෙක් නැත. ඊට හේතුව වී ඇත්තේ මෙහි ප්‍රධානියා වූ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ නිලධාරියෙකු බැවින් නීත්‍යානුකූලව ඔහුට පුද්ගලික සමාගමක තනතුරු දැරිය නොහැකි නිසා සභාපතිවරයා සඟවා තැබීමට ය. යෝෂිත සභාපතිවරයා නොවුනද වැදගත් ගණු දෙනු ලිය කියවිලි සඳහා යෝෂිත අත්සන් තබා ඇත. ඔහු එලෙස අත්සන් තැබීමම ඔහුව නාවික හමුදාවෙන් දොට්ට දැමීමට හොඳටම ප්‍රමාණවත් ය.
ඕනෑම සමාගමක් ආරම්භ කරද්දී ආරම්භක ප්‍රාග්ධනයක් අවශ්‍යය. එය සපයන්නේ කෙසේද? කව්ද? යන්න විවෘතව සඳහන් විය යුතුය. නමුත් CSN සමාගම ආරම්භ කිරීමට රුපියල් මිලියන 90 ක් යොදවා ඇතත් එම රුපියල් මිලියන 90 යෙදෙව්වේ කව්ද ? එම මුදල ආවේ කොතැනින්ද ? යන්න ගැන සඳහනක් නැත. සඳහනක් නැතිවා පමණක් නොව දැන් මාස ගණනක් පුරා ආයතන ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කළද ඒ ගැන කිසිවෙකු නොදනී. එසේ නම් ඒ රුපියල් මිලියන 90 හෙවත් කෝටි 9 යනු කළු සල්ලිය. එම කළු සල්ලි කාගේද? 
මේ අතර CSN  සමාගමට සිංගප්පූරුවෙන් තවත් රුපියල් මිලියන 169 ක් පැමිණ තිබේ. එම මිලියන 169 හෙවත් කෝටි 17 ක් පමණ වූ මුදල එව්වේ කව්ද? යන්න ගැන කිසිදු සඳහනක් නැත. සිංගප්පූරුවේද ආදාල ලිපි ලේඛන වලට ද ලබා දී ඇත්තේ වංචනික තොරතුරු ය. මාස 2 ක් පමණ තිස්සේ ඒ ගැන ප්‍රශ්න කළද කිසිවෙකු ඒ ගැන හෙළිකරන්නේ ද නැත. මෙයින් පැහැදිලිව පෙනී යන්නේ රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කිරීමට CSN ආයතනය යොදා ගත් බවකි. මෙසේ CSN ආයතනයට කළු සල්ලි පැමිණ ඇත්තේ සිංගප්පූරුවෙන් පමණක් නොවේ. තවත් රටවලින් මිලියන සිය ගණනක් පැමිණ තිබේ. ඒවා ගැන පරීක්ෂණ තවමත් නිමා වී ද නැත. මෙසේ කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධිකරණය (මනි ලොන්ඩරින්) යනු බරපතල වරදකි. මනි ලොන්ඩරින් චෝදනා ලැබුවන්ට මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබා දිය නොහැක. ඔවුන්ට ඇප ලබා ගත හැක්තේ මහාධිකරණයෙනි. 
ඒ අනුව යෝෂිත ඇතුළු පිරිස අද (30) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 11 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.
අප ඉහතින් හෙළි කෙලේ CSN  ආයතනයේ මූල්‍ය වංචා කිහිපයක් ගැන කෙටි සටහනක් පමණි. රාජ්‍ය දේපොළ අවභාවිතාව ගැන තොරතුරු පසුව හෙලි කරමු. 

- ලංකා ඊ නිව්ස් - 

නාමල් පරදියි - දහම් සිරිසේන සුපිරි BMW i8 රථයක් බස්සයි







 ඇත්තටම ලංකාවට මේ වාහනය ගෙනැත්. හැබැයි ඒ දහම් සිරිසේන නෙවයි. වාහන ගෙන්වන ආයතනයක් මීට මාස කිහිපයකට කලින් තමයි මේක ගෙන්වලා තියෙනවා


කඩවත පැත්තේ තියන සර්විස් කරන තැනකට  වාහෙන් අරන් ගියාම එතනදි ෆොටෝ ගහලා බොරැවක් හදලා FB දලා